2019 දී කොළඹ හොල්ලමින් එලි දකින ලංකාවේ ලොකුම ODEL Mall සංකීර්ණය මෙන්න

ඇඟලුම් හා විලාසිතාකරණයේ පුරෝගාමියෙකු වන ODEL, දැවැන්ත මුලපිරීමකට අත ගසා තිබේ. ඒ වර්ග අඩි 645,000 ක වපසරියකින් යුතු ODEL Mall සංකීරණයයි.මෙය හුදෙක් ඇඟලුම් විලාසිතාගාරයකට පමණක් සීමා වන්නක් නොවේ. අවන්හල්, සිනමා ශාලා, Food Court, අතිසුඛෝපභෝගී නේවාසික මහල් නිවාස (Premium Apartments) යනාදියගෙන් මෙම සංකීර්ණය සන්නද්ධ වන බව ඔඩෙල් විසින් එළිදක්වන ලද නවතම වීඩියෝවකින් අනාවරණය කර සිටී.2019 වසරේ දී මෙම සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.
මෙරට ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන Softlogic, ODEL හි හිමිකාරීත්වය දරනු ලබන ප්‍රධාන කොටස් හිමියා වේ.2019 දී එළිදැක්වීමට නියමිත ODEL Mall සංකීරණයේ සැලසුම ඇතුළත් වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like