‘‘සිතක කොහේ තිබුණාදෝ ආදරේ“ සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදුගේ ස්වරය සදහටම නිහඬ වෙයි

‘‘අහසේ දිලෙන තරු ගනින්න හැකිදෝ එකයි..දෙකයි..තුනයි කියලා…“
‘‘කරපු පව් පස්සෙන් ආවා.. කරපු හොඳ නම් ආවේ නෑ තාම..“

මේ දිනවල හැම තැනින්ම ඇහෙන්නෙ ගොඩක් වෙලාවට හිතාගන්නත් බැරි විදිහෙ දුක් මුසු කතා.

සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදු වටරැක කියන්නෙ ගොඩ දෙනෙක් බොහොම ආදරය කළ ආදරණීය චරිතයක්. සංගීතය නිසාම ඔහු බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. ‘‘සිතක කොහේ තිබුණාදෝ ආදරේ“ ගීතයෙන් ඉහල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් ජයසිරි වටරැකගේ ආදරණීය පුත්‍රයා තමයි සුමුදු කියන්නෙ.

සිය පියාගේ අඩි පාරේ යමින් සංගීතයෙන් රසික හදවත් සැනසූ සුමුදු පසුගිය 18 වැනිදා සුමුදු ස්වරයට සදහටම සමුදුන්නා.

ඒ අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයකට ගොදුරු වීමෙන්. මීට අවුරුද්දකට විතර කලින් තමයි සුමුදුට පිළිකා රෝගයක් ඇති බව වෛද්‍යවරුන් සොයා ගෙන තිබුණේ.

පිය උරුමයෙන් ලැබුණු සංගීත හැකිවෙන් උපරිම ප්‍රයෝජන ගත් සුමුදු ගීත නිර්මාණ රැසකට සිය සංගීත දායකත්වය ලබා දුන්නා.

සංගීතයෙන් සැවොම වසඟ කළ සුමුදුගේ නිසල දේහය මේ වන විට පිළියන්දල සුවාරපොල ප්‍ර දේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

සුමුදු ගායනා කළ ගීත කිහිපයක් සහ ඔහුගේ ඡායාරූප පහතින් බලන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like