විවාහ වී මාසයක් ගෙවුණු අවුරුදු දා නොසිතූ මොහොතක නොඑන ගමන් ගිය ලක්මි

ජීවිතේ නොසිතූ අවස්ථාවලදී අපට මුහුණ දෙන්න වෙන විවිධ බාධක නිසා අපේ සමීපතමයන් අපෙන් සමුගන්නේ හිතන්නෙවත් නැති වෙලාවක. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. ඇය නමින් ලක්මි. රූපලාවන්‍ය කටයුතු තමයි ලක්මිගේ ජීවිතේ වුණේ. ඇය ඒ ක්ෂේත්‍රයෙන් කාගෙත් හිත දිනාගෙන හිටපු කෙනෙක්.

මීට මාසයකට කළින් ඒ කියන්නේ මාර්තු මාසේ 13 වෙනිදා තමයි ලක්මිණිගේ විවාහය සිද්ධ වුණේ. ඒ ශකිල එක්ක. ශකිලත් ඡායාරූප ශිල්පියෙක් විදියට තමයි රැකියාව කරගෙන ගියේ.

විවාහයට මාසයක් විතර ගත වෙද්දි ලක්මි හිටපු ගමන් රෝහල් ගතකරන්න වුණා. ඒ ඇයට හැදුණු සෙම්ප්‍රතික්ෂාව උත්සන්න වුණු නිසා. වෛද්‍යවරු ප්‍රතිකාර කළත් ඇයගේ රෝගී තත්වය එන්න එන්නම දරුණු වුණා.

ඒ පෙනහළුවලට විෂබීජයක් ඇතුල්වුණු හින්දා කියලා තමයි ලක්මිගේ යාළුවෙක් කියලා තිබුණේ. කොහොමහරි ඊයේ (14) අලුත් අවුරුද්ද වුණා වෙද්දි තමන්ගේ ළඟින් හිටපු හැමෝමව දාලා ලක්මි සමුගත්තා.

ලක්මිගේ ගෙදර අයට, මාසෙකට කලින් විවාහ වුණු සැමියට විතරක් නෙවෙයි ඇයගේ ළගින්ම හිටපු යාළුවන්ටත් සිද්ධ වුණු දේ තාමත් හීනයක් වගේ. මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය ලබපු ලක්මි රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන හිටියේ.

ඒත් අවාසනාවකට ඇයට මේ ලෝකේ දාලා යන්න වුණා. අපි පුංචි ලෙඩක් වුණාම වැඩිය ගණන් ගන්නේ නැතුව ඉන්න අවස්ථා ඕනි තරම් තියෙනවා. ඒත් කොයිකටත් වෛද්‍යවරයෙක් හම්බවෙලා ඒ ලෙඩේ වැඩිවෙන්න කළින් ඔවුන්ගෙන් උපදෙස් ගත්තානම් හොඳයි කියලා තමයි අපිනම් කියන්නේ.

මොකද අපිට හැදෙන ලෙඩ කොයිවෙලාවේ වැඩිවෙයිද, ඒ ලෙඩේ කොයිවෙලාවේ හොඳවෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like