ලක්ෂ 20ක් වටිනා නිවසත් සාසනයට පුජා කර පවුලේ සිටි සාමාජිකයින් 8දෙනාම සසුන් ගත වූ අපුරු පවුල

බුදු මග යන සිය පවුල වෙනුවෙන් තම ලක්ෂ විස්සකට ආසන්න නිවාසය සහ ඉඩම ගිහි ඡිවිතයේ වෙසෙන පුතු විසින් සාසනයේ අභිවෘදිය වෙනුවෙන් පසුගියදා පරිත්‍යාග කලේය.

සසුන වෙනුවෙන් නිවාසය හා ඉඩම පරිත්‍යාග කල පිලිමතලාවේ පදිංචි ඉන්දික බංඩාර මහතා මෙසේ අදහස් පල කලේය. තම පියා මව නැගනිය, මල්ලි ගිහි කාලයේදි හිටිය නිවස තමා අද මම මැනික්දීවෙල අස්වැද්දුමේ ඡිනේන්ද්‍රාරමයේ උල්පතගම සුනේත්‍රා මෙහෙනින් වහන්සේ ට පරිත්‍යාග කලේ. ඒ මාගේ පියා, මව, නැගනිය, මල්ලි ශාසනයට සම්බන්ද වෙලා කරන ධර්ම ප්‍රචාරක කටයුතු වලට හා ශාසනය වෙනුවෙන් කැපවිම ට මාගේ හිත නැඹුරු වුණා.

 

ඒ නිසා තමා මම අද මේ විදිහට ඉඩමයි,නිවසයි සසුනට පරිත්‍යාග කලේ. මගේ පවුලේ සියල්ලන්ම සසුන් ගතවෙලා, ඉන්නෙ මම විතරයි.

ගිහියෙක් හැටියට ඉන්නෙ අපි සේරම ගිහි කාලෙ හිටපු නිවස තමා අද මම පරිත්‍යාග කලේ. අද මම මේ පරිත්‍යාග කල ආරාමෙට මුලින්ම ආරමයක් කරන්නත් දැං පැවැදි වෙලා ( වලල්ගොඩ චන්ද්‍රරථන හිමියන් )මගේ පියා ගිහි කාලෙදි තමා ඉඩම දුන්නෙත් අද මගේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් මේ ඉඩම පරිත්‍යාග කරන්න ලැබිම ගැන සතුටු වෙන බවද පිළිමතළාවේ පදිංචි ඉන්දික බංඩාර මහතා අප වෙත පැවැසිය.

 

හිමි නමකගේ ධර්ම දේශනාවක් ශ්‍රවනය කිරීමෙන් ගිහි ඡිවිතයේ අනිත්‍ය තේරුම් ගෙන නිවන කරා ලඟාවිමට එකම පිලියම බුදු මග යෑම පමණක් බව අවබෝධයෙන් පැවැදි දිවියට පත් එකම පවුලේ පියා, මව, දුව සහ පුතා ඇතුලු පවුලේ ඥාතීන් 8 දෙනෙකු සසුන් ගතවි තිබුනා.

මුලාශ්‍රය – citizen.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like