අවුරුදු ගාණක් තිබුණු ආදරයට පිටුපෑ පෙම්වතියගේ නිරුවත තණමල්විල 24 හැවිරිදි පෙම්වතා අන්තර්ජාලයට දාලා

වසර කිහිපයක ආදර සම්බන්ධයකින් අනතුරුව තමන්ට පිටුපෑ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කළ තරුණයෙක් එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ ජී ගුණදාස මහතා මෙම නියෝගය ලබාදුන්නා.

අදාළ තරුණයා තණමල්විල පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බවටයි වාර්තා වන්නේ.

ඔහු පෞද්ගලික ආයතනයක සේවයේ නියුතුව සිට ඇති අතර වසර කිහිපයක් තිස්සේ තමන් පෙම්වතියට ඉගෙනීමට සහ පවුලේ අවශ්‍යතාවයන්ට මුදල් ලබාදුන් බවයි ඔහු එහිදී හෙළිකර ඇත්තේ.

පසුව උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය විශ්වවිද්‍යාලයට පිවිසීමත් සමඟ මෙම තරුණිය සහ ඇයගේ පවුලේ ඥාතීන් මෙම තරුණයාගේ සම්බන්ධතා අත්හැර දමා තිබෙනවා.

මේ හේතුවෙන් කෝපයට පත් සැකකාර තරුණයා විසින් තම පෙම්වතියගේ ඡායාරූප පරිඝනකය ඔස්සේ නිරුවත් ඡායාරූප ලෙස සංස්කරණය කර ෆේස්බුක් වෙත එක්කර තිබෙනවා.

එහි අදාළ තරුණියගේ සහ ඇයගේ මවගේ දුරකථන අංක එහි ඇතුලත් කර තිබෙනවා.

මේ පිළිබඳව තරුණිය සහ මව විසින් ජාඇල පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like