අම්මට 78යි,මුණුබුරෝ 78 යි,තවත් දරුවන් 24ක් හදන්න සිටියදී දොස්තර එය වළකලා

මෙම වාසනාවන්ත මාතාව 78 හැවිරිදි එච්ඒ රොසලින් නෝනා මහත්මිය වන අතර දරුවන් විසිදෙනාගේ පියා 86 හැවිරිදි පී.ජිනදාස මහතාය. මේ යුවළට මුණුබුරෝ 78දෙනෙක් සිටිති.

මේ යුවළ මතක ඇති කාලයක වේදනානාශක පෙත්තක් හෝ අසනීඵයකට බී නැති බව මේ ආදර්ශමත් මව සතුටින් කියන්නීය. සිය සැමියා පොල් කඩා කුලී වැඩ කොට දරුවන් පෝෂණය කළ බව ද දැනට සැමියා ගවයකුගේ පටලැවී ඇද වැටී කකුල ආබාධයකට ලක්ව සිටින බව ද ඇය කියන්නීය.

තම දරුවන් විසිදෙනාම වින්නඹු අම්මා කෙනෙකුගේ ආධාරයෙන් නිවසේදී ප‍්‍රසූත කළ බවද ඇය සතුටින් පැවසුවාය. තම දරුවන් සියලු දෙනාම ඉතාම හොදින් ආදරයෙන් මේ දෙපළ රැක බලා ගන්නා බවත් ආර්ථික අපහසුතා දරුවන්ට හා තමන්ට තිබුණත් ආදාරයේ කිසිුද අගහිගකමක් නැති නිසා දරු මුණුබුරන් සමග ආදරයෙන් ජීවත්වන බවත් මව ආඩම්බරයෙන් පැවැසුවාය.

තමා දරුවන් 24දෙනෙකු හදන්නට සූදානමින් සිටියදී 1983 වසරේ රෝහලේ දොස්තර මහතකු තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සිතා එය වළකා දැමූ බව ද ඇය කීවාය.

තමන් හා සැමියා තවමත් ඉතාම ආදරයෙන් ජීවත්වන බවත් තම දරුවන්ට ද හැකි තරම් දරුවන් හදන්නට උපදෙස් ලබාදී ඒ අයගේ දරුවන්ද නාවා කපා පොවා රැක බලාගන්නා බවත් මේ ආදර්ශවත් මව අප සමග කීවාය.

මේ දරුවන්ගේ පියා අප සමග කීවේ කකුල කැඩුණේ නැතිනම් තමන්ට තවමත් වැඩකරන්නට හැකි බවයි. කුලී වැඩ කරමින් පොල් ගස් නැග පොල් කඩා ලෙලි ගසා ඉතාම සතුටින් දරුවන්ට කන්න බොන්න දුන් බවත් කසාද බැන්ද දිනය වගේම තවමත් බිරියට ආදරය කරන බව ද ඔහු පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may also Like